හිටපු ජනාධිපතිවරුන් දැනට රැඳී සිටින නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව ජනාධිපති නිල නිවාස සහ ඇමැති නිල නිවාස සම්බන්ධයෙන්ද තක්සේරු වාර්තා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිවසේ මාසික කුලිය රුපියල් ලක්ෂ 46ක් බව ප්‍රකාශ වී ඇත්තේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ලවා පසුගිය සතියේ දී කරන ලද තක්සේරුව අනුව බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න