සජිත් එක්ක සජබට අනාගතයක් නැහැ – සරත් ෆොන්සේකා කියයි.!

ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන්නේ, වත්මන් ආණ්ඩුව හැරෙන්නට ජනතාවට වෙනත් විකල්පයක් නොමැති බවයි.

ෆොන්සේකා සඳහන් කළේ, “මෙම මැතිවරණයේදී, මා සමඟ වැඩ කළ අය පවා විවිධ පක්ෂවලින් තරඟ කරනවා. මේ අවස්ථාවේ ඔවුන්ගේම තීරණ ගැනීමට මම ඔවුන්ට නිදහස ලබා දී තිබෙනවා. මෙම මැතිවරණයේදී ජනතාව නැවත වරක් වත්මන් රජයට සහාය දක්වනු ඇතැයි මම විශ්වාස කරනවා. ජනතාවට වෙනත් විකල්ප නැහැ. මහජනතාව බෙදුණු පක්ෂවලට සහාය දක්වන්නේ නැහැ. ඒ නිසා, රටේ වගකීම භාරගෙන ඉදිරියට ගිය මේ රජයට බලය ලැබෙනු ඇතැයි මම සිතනවා. මෙම මැතිවරණයේදී ජනතාවට මෙම රජය සමඟ වැඩකිරීමට උත්සාහ කිරීමට සිදුවෙනවා”

සමගි ජන බලවේගයේ නායකත්වය පිළිබඳව අදහස් පළකරමින් සරත් ෆොන්සේකා මෙසේ පවසා ඇත.

“සජබ බිඳවැටෙමින් තියෙන්නේ. බොහෝදෙනෙක් කලකිරීමට පත්වෙලා. නායකයාගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ නායකත්වයේ දුර්වලතා නිසා මම ඉල්ලා අස්වුණා. මම පමණක් නෙවෙයි, පාඨලී, රාජිත, වෙල්ගම වැනි ප්‍රමුඛ පෙළේ සාමාජිකයන් බොහෝදෙනෙක් පක්ෂය හැරගියා. මගෙන් පසු සභාපති ධුරය භාරගත් ඉම්තියාස් පවා පක්ෂය හැරගියා. ඒ නායකයා එක්ක පක්ෂයට අනාගතයක් නැහැ. තවමත් ඔහුව විශ්වාස කරන අයට අනාගතයේදී සාර්ථක දේශපාලන ජීවිතයක් ලැබෙන එකක් නැහැ”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *