පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,
“පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සදහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා.
අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා. කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා.
කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහනයක් දෙන්නේ නෑ කියලා අපි කවදාවත් කියලත් නෑ. කියන්නෙත් නෑ. පාවිච්චි කරපු වාහන දෙනවා නම් හැමෝටම එක වර්ගයෙන් දෙන්න ඕනේ. එක මට්ටමින් දෙන්නත් ඕනේ. නැත්නම් ආය ප්‍රශ්නයක් මතුවෙනවා.
බොහෝම පැහැදිලිව අපි කියපු ප්‍රතිපත්තිය වාහනයක් සම්බන්ධයෙන් වසර 5 සඳහා යම් වාහනයක් ලබාදෙනවා. පාවිච්චි කරන ක්‍රමවේදයට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමා වාහනය පාවිච්චි කරලා වසර 5 අවසානයේ රජයට භාරදීලා යන එක. දෙක වාහනයේ එවකට වටිනාකම රජයට දීලා වාහනය තමන්ට හිමිකර ගන්න එක.”
ප්‍රතිචාරයක් ලබාදෙන්න