සිපෙට්කෝ ජාත්‍යන්තර වෙලඳපොළ තරණය කරයි.!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසන්නේ ඉදිරි මාස දෙක තුළ ලිහිසිතෙල් අපනයනය කිරීමට කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි.

ඒ සඳහා මේ වන විටත් බංග්ලාදේශයෙන් ඇණවුම් ඉදිරිපත් වී ඇති බව ඔහු පවසයි.

ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් පොදුසේවක සංගමයේ උත්සවයක් අමතමින්ය.

“මේ වෙනකොට අපේ ලිහිසි තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණේ. කියන්න සතුටුයි මේ වෙද්දි දෙගුණයකින් අපිට මේ කාලය තුළ වැඩි කරගන්න පුළුවන් වුණා. කියන්න සතුටුයි තව මාස දෙකක් උපරිම යයි. ඒ කාලය තුළ සිපෙට්කෝ තෙල් අපි පිටරට යවනවා. බංග්ලාදේශයෙන් ඕඩර් එකක් ආවා. ගුවන් තෙල් එක නිකන්ම තිබුණේ. අපි ගුවන් සමාගම් එක්ක අපි කතා කළා. මේ කලාපයේ ගාණට වඩා අඩු කළා. ගිය අවුරුද්දට වඩා ශීඝ්‍රයෙන් අපේ ගුවන් තෙල් වෙළෙඳාම දැන් වැඩිවෙමින් පවතිනවා.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *