දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ව්‍යවස්ථාවෙන් සිය ධූරය සඳහා හිමිවන අධි ධාරිතාවයෙන් යුතු ඉන්ධන වැයවෙන මෝටර් රථය වෙනුවට, අඩු ඉන්ධන පරිභෝජනයෙන් යුතු මෝටර් රථයක් භාවිත කිරීමට තීරණය කර තිබේ.
ඊට අමතරව කථානායකවරයා තමන්ගේ කාර්ය මණ්ඩලය හත් දෙනෙකුට සීමා කරගෙන ඇති බව වාර්තා වේ.
මීට පෙර කථානායක තනතුර හෙබවූ මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහා කාර්ය මණ්ඩලය හතළිහක පමණ සංඛ්‍යාවක් සිට ඇති අතර වාහන 9ක්ද භාවිත කර බවද වාර්තා වේ.
එමෙන්ම පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ භාවිතයට යොදවා තිබු අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු මෝටර් රථ දෙකක් ද වෙන්දේසි කිරීම සදහා මේ වන විට ටෙන්ඩර් කැදවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න