සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන අසත්‍ය පුවතක්.!

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම ව්‍යාජ නිවේදනයට අනුව,

මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇත.

ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂයට මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමිවේ.

එමෙන්ම ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින්ද අඩු කර තිබෙන අතර, විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුටම හිමිය.

එබැවින් ඉහත ප්‍රකාශය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *