යෝෂිතගේ ක්ල්බ් ගැටුමේ සැකකරුවන් හඳුනා ගනියි.!

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් එම සමාජ ශාලාවේ ගැටුමක් ඇති කරගෙන ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තිබිණි.

හදුනාගෙන ඇති සැකකරුවන් දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන්හී පදිංචිකරුවන් වන අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය පවසයි.

එමෙන්ම මෙම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *