ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න ප්‍රමාණයකින් යුත් පාර්සල් 154ක් පොලීසිය විසින් අද (22) අළුයම සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලීසිය හා එක්ව සිදුකළ වැටලීමකදී මෙම තොගය සොයාගෙන තිබේ.
මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බව පොලීසිය පවසන අතර,මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පේදුරුතුඩුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න