රුපියල් කෝටි ගාණක මත්ද්‍රව්‍ය පාර්සල් මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී හමුවෙයි.!

රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් පසුගිය සති දෙකක කාලය තුළ කොළඹ මධ්‍යම හුවමාරුව තුළ භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

මෙම පාර්සල් ප්‍රංශය‍, අමෙරිකාව, කැනඩාව, සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර, මීගමුව, ජා ඇළ, වැල්ලවත්ත, නුගේගොඩ, තංගල්ල, මහියංගනය සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි ලිපිනයන් වෙත භාර දීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබිණි

මෙවැනි පාර්සල් 20 ක් පසුගිය සති දෙකක කාළය තුළ තුළ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ අතර එම පාර්සල් භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා පසුගිය 19 වැනි දින එම පාර්සල් පරීක්ෂා කිරීමට තැපැල්පතිවරයාගේ අනුමැතිය ලැබී තිබුණි.

ඒ අනුව එම පාර්සල් විවෘත කර පරීක්ෂා කළ අතර එහිදී පාර්සල් 14ක ‘කුෂ්’ නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272ක් සහ ‘මෙතැම්පටමයින්’ නම් මත්පෙති 2,049ක් සෙයා ගැනීමට හැකිව තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *