දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මතයි.!

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව පාර්ලිමේන්තු සන්නිවේදනය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ඊයේ ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි.

ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඉකුත් මාර්තු 1වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *