පළමු වරට විදෙස් කතකුත් පුංචි ඡන්දයට එයි.!

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට විදෙස් කාන්තාවක් තරග කිරීම සදහා ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ.

ජර්මානු කාන්තාවක් වන මාරියා බෙනන්සා ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සදහා එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම කාන්තාව මැතිවරණයට තරග කළහොත් විදෙස් කාන්තාවක් මෙරට පළාත් පාලන මැතිවරණයකට තරග කරන පළමු අවස්ථාව වේ.

මෙම විදෙස් කාන්තාව මෙරට පුරවැසිකම ලබාගෙන ඇති බවත් ඇය ස්වාධීන කණ්ඩායම් අපේක්ෂිකාවක් ලෙස තරග කිරීමට සූදානමි බවද වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *