ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරී සඳහා අනුයුක්ත කර තිබූ ගුවන් හමුදා ජීප් රථයක තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළකු හා තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව කටයුතු කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙක් හා කැළණිය ප‍්‍රදේශයේ හැට හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන් ය.
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය නිධානයක් කැඩීම සඳහා යොදාගැනීමට ගෙනා බවට මේ වන විට අනාවරණය වී ඇතැයි ද වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න