ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ ප්‍රකාශයට පත්කරන ලද ගෘහස්ථ ආදායම් හා වියදම් සමික්ෂණ වාර්තාවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවෙන් යුක්ත වන අතර, එම ජනතාවගෙන් 95.3% ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වේ.
ඒ අනුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය හා ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්තියට අනුව කිසිවෙකු හෝ කිසිදු ප්‍රදේශයක් අත්නොහැරෙන පරිදි ග්‍රාමීය ප්‍රජාවගේ සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූල සංවිධාන සහ ප්‍රජාව සමඟ එක්ව මෙම පස් අවුරුදු ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (2025-2029) ක්‍රියාත්මක කරනු ලබයි.
මෙහිදී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීමත් බහුමාන දරිද්‍රතාව ඉහළ ග්‍රාම නිලධාරි වසම් තෝරාගෙන, අදියර කිහිපයකින් එම ග්‍රාම සංවර්ධන සැලසුම් වල ප්‍රමුඛතා ගත යෝජනා ක්‍රියාත්මක කිරීමත් හා පසුවිපරම් කිරීමත් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. දැනට මෙම වැඩසටහන පිලිබඳව සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇත.
ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීම පිළිබඳව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට ප්‍රමාණවත් දැනුමක් ලබා දීමේ අවශ්‍යතාවය සපුරාලනුවස් දිවයිනේ සියළුම දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් හා නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂවරු දෙදනකු බැගින් තෝරාගෙන පුහුණුකරුවන් පුහුණු කිරීමේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් 2025.03.14 හා 2025.03.15 දෙදින විෂයභාර අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිළිමතලාව පිහිටි ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති ආචාර්ය කුමාරි තොර්යදෙනිය, මහාචාර්ය ධම්මික හේරත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියදර්ශනී ප්‍රේමරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්. සුබසිංහ යන අයගේ සමන්විත වූ සම්පත්දායකත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික තත්ත්වයන්, ආබාධිත, වැඩිහිටි ප්‍රජාව හා කාන්තාවන් වැනි ආන්තිකරණයට ලක් වූ ප්‍රජාව සංවර්ධන ව්‍යාපෘතිවලට දායක කර ගැනීමේ වැදගත්කම, සහභාගීත්වය ප්‍රවේශයකින් ග්‍රාමීය මට්ටමේ අවශ්‍යතා හඳුනා ගැනීම, ව්‍යාපෘති ශක්‍යතා විශ්ලේෂණය, සඳහා තාක්ෂණය භාවිතයට ගත හැකි ආකාරය ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව පුළුල් අවබෝධයක් සහභාගී වූවන්ට ලබාදීම සිදුකෙරිණි. මෙම වැඩමුළුවට සහභාගී වූවන් මගින් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට අවශ්‍ය මඟ පෙන්වීම කරමින් දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14022 සඳහාම ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී හදුනා ගන්නා ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2025 වර්ෂයේදී මෙම කාර්යාංශයට පමණක් රු.මි. 1000ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර අනෙකුත් අමාත්‍යාංශ හා සහයක ආයතන වල දායකත්වයද ලබා ගැනීමට අපේක්ෂිතයි.
මෙම ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීම සම්බන්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් මලර්මදී ගංගාදරන් මහත්මියගේ පූර්ණ මග පෙන්වීම යටතේ ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය මඟින් සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (ඹභෘඡ) , සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික සමාජ සංවර්ධන ආයතනය(භෂීෘ) යන ආයතන වල දායකත්වයද ලබාදෙන ලදී.





ප්‍රතිචාරයක් ලබාදෙන්න