වැඩිහිටි දීමනාව හිඟ මුදල් සහිතව මාර්තු 20 වනදා සිට.!

රජය විසින් ලබාදෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව පසුගිය 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට හිඟ දීමනාද සහිතව ගෙවීමට රජය තීරණය කර ඇත.

මාර්තු මස (20) වනදා සිට අඩු ආදායම්ලභී වයස අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් සිදුකරන බව වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චතුර මිහිදුම් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

අස්වැසුම්ලාභී වැඩිහිටියන්ට එම දීමනාව සුබසධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ස්ලිප් ක්‍රමය මඟින් ඍජුවම අස්වැසුම් ගිණුම්වලටම ගිණුම් ගත කිරීමට නියමිතය.

මෙතෙක් දීමනාව ලබමින් සිටි අස්වැසුම නොලබන පවුල්හි වැඩිහිටියන්ට පමණක් තැපැල්, උප තැපැල් කාර්යාල මගින් හිඟ දීමනාද සහිතව මාර්තු මස (20) දින සිට ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *