දේශබන්දු ගැන අවසන් තීන්දුව අද.!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ රීට් පෙත්සම පිළිබඳ තීන්දුව අද (17) ලබාදීමට නියමිතව ඇත.

අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ එම රීට් පෙත්සම ගොනු කළේ, පසුගිය (10) වැනිදා ය.

කෙසේ වෙතත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 06ක් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *