ජාතික තරුණ සේවා සභාව ඇතුළු ආයතන හතරක පසුගිය කාලයේ සිදුව ඇති දූෂණ වංචා පිළිබඳව කරන ලද පරීක්ෂණවල අවසන් වාර්තාවක් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග සඳහා මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නීතිපතිවරයාට ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගතහැකි වන පරිදි කටයුතු කරන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.
ඒ අනුව ජාතික තරුණ සේවා සභාව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පසුගිය කාලයේ සිදුවී ඇති විවිධ අක්‍රමිකතා හා දූෂණ අක්‍රමිකතා රැසක් පිළිබඳව කෝප් කමිටුව පරීක්ෂණ පැවැත්වූ බවද එම පරීක්ෂණවල අපැහැදිලි කරුණු සම්බන්ධව සොයාබැලීමට උප කමිටු පත් කළ බවත්, ඒවායේ වාර්තා ද රැගෙන අවසන් වාර්තාව ඉදිරි සති කිහිපය තුළ සකස්කරන බවද හෙතෙම කීය.
රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග මෙවර කෝප් කමිටුව විසින් ගනු ලබන්නේ ප්‍රථම වරට බැවින් ඒ පිළිබඳව දැඩිව පියවර ගන්නා බව ද සභාපතිවරයා කියා සිටියේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න