පසුගිය කාලයේදී විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් හිටපු දේශපාලනඥයන්, ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන ඇති බව වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරයි.
ඔවුන් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර පෞද්ගලිකව පරිහරණය කර ඇති බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක කුරුණෑගල වැවිලි සමාගමට අයත් සාරවත් ඉඩම් අක්කර 76ක් වගා ව්‍යාපෘති මුවාවෙන් ලබාගෙන ඔහු පෞද්ගලිකව පිහිටුවා ගත් සමාගමකට පවරාගෙන ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
තවද කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 21ක් නිසරු ඉඩම් බව සදහන් කරමින් හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ හිතවතෙකුට ලබාදී ඇති බවත් ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් කර ඇති බවද සදහන් කරයි.
කෘෂි ව්‍යාපෘතියකට යැයි සදහන් කරමින් හිටපු අමාත්‍ය දයා ගමගේගේ බිරිඳ අනෝමා ගමගේ ලක්ෂ එකසිය හතළිහක් ලබාගෙන ඇති බවත් එම මුදල් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
තවද වගා ව්‍යාපෘතියක් සදහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට රුපියල් ලක්ෂ එකසිය අසූවක් ලබාදී ඇති බවත් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන බන්දුල වික්‍රමාරච්චිගේ පුත්‍රයාගේ නමට ලක්ෂ අසූ දෙකක් ලබාදී ඇති බවද ඔහු පවසයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සදහන් කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න