අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට.!

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

අද (14) සවස 6.30ට පමණ වෙඩිතැබීම සිදුව ඇති අතර, ඉන් 39 හැවිරිදි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් ‘පොඩි සුද්දා’ නැමැත්තා ඝාතනයට ලක්වී ඇත.

කුලීගොඩ, ඉඩන්තොට පදිංචිකරුවෙකු වන මොහු අද සවස අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැඟීමට ඉඩන්තොට හන්දියේ බුදුමැඳුර අසල රැඳී සිටින අතරතුර ⁣යතුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩිතබා ඇති බව පැවසේ.

බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බලපිටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *