රැප් ගායක ‘ශාන් පුතා‘ ගිනි අවියක් එක්ක මාට්ටු.!

අද (14) මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන “ශාන් පුතා” මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමගින් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

සැකකරුට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ද මේ සමඟ අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර – කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි අතරතුර දී එම ගිනි අවිය සොරාගෙන විත් සැකකාර රැප් ගීත ගායකයාට ලබා දී ඇති බවත්; පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාශයේ රාජකාරී සදහා ස්ථාන මාරුවක් ලැබ ගොස් සිටිය දී මන්නාරම කොට්ඨශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීමේ දී අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් ලද තොරතුරු මතසැකකාර ගායකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *