ඇමැති බංගලාවලට තානාපති කාර්යාලවලින් ඉල්ලුම වැඩිවෙයි.!

ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

එසේම විශ්වවිද්‍යාල නේවාසිකාගාර සඳහාද ඇමැති බංගලා ඉල්ලා ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

දැනට ඇමැති බංගලා ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 20කට අසන්නය.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාරගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, මෙම ඇමැති බංගලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බවයි.

මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *