කැනඩාවේ මාර්කම් ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩිතැබීමකින් එම නිවසේ සිටි යාපනයේ පදිංචි 20 හැවිරිදි තරුණියක පසුගිය 9 දා මියගොස් තිබේ.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ යාපනයේ හිටපු නගරාධිපතිවරයකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ මිණිබිරියක වන රගුදාස් නිලක්ෂි නමැත්තිය බවට හඳුනාගෙන ඇතැයි අද ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.
වෙඩිතැබීම සිදු වූ මෙම නිවස කැනඩාවේ මාර්කම් නගරයේ කාසල්මෝර් මාවතේ පිහිටා ඇති අතර යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ සිට කැනඩාවට ගිය තරුණිය වසර දෙකක්ම ජීවත් වී ඇත්තේ එම නිවසේ බවත් එම නිවසට මීට පෙර අවස්ථා දෙකකදීම වෙඩිතැබීම් සිදුව ඇති බවත් වාර්තා වේ.
මෙවර වෙඩිතැබීමෙන් යාපනයේ පදිංචි තරුණිය සමග තවත් අයකු මියගොස් තවත් අයකුට තුවාල සිදුව තිබේ.
තුවක්කුකරුවන් විසින් නිවසේ ආරක්ෂාවට සිටි සුනඛයකු ද වෙඩිතබා මරාදමා තිබේ.
වෙඩිතැබීමෙන් පසුව ඊට සම්බන්ධ හතරදෙනකු නවීන පන්නයේ කැබ් රථයකින් පළායන අයුරු සී.සී.ටී.වී කැමරා පද්ධතියක සටහන් වී ඇති බව කැනේඩියානු පොලිසිය සඳහන් කර තිබේ.
මේ දක්වා කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කැනඩාවේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න