වෛද්‍යවරියක් දූෂණය කරලා.. අනුරාධපුර ශික්ෂණ රෝහලේ උණුසුම් තත්වයක්.!

ඊයේ (10) අනුරාධපුරය ශික්ෂණ රෝහලේ රාජකාරි සිදුකරන 32 හැවිරිදි තරුණ වෛද්‍යවරියක් සිය නේවාසිකාගාරය තුළදී දූෂණයට ලක්ව තිබේ.

මෙම සිදුවීමට අදාළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම මත අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

අදාළ වෛද්‍යවරිය තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගිය අවස්ථාවේ සවස 6:30ත් 7ත් අතර ඊට අතුළු වී ඇති නාඳුනන පුද්ගලයෙකු පිහියක් පෙන්වා ඇය බියවද්දා බරපතල ලෙස දූෂණය කර ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරනු ලබයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *