මහ බැංකුවේ ඩොලර් සංචිත මිලියන 6095ට නඟී.!

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6095ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ඉකුත් ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 6065ක් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය පෙබරවාරි මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6095 දක්වා සියයට 0.5කින් සුළු වශයෙන් වර්ධනය වී ඇත.

එසේම මේ නිල සංචිත වත්කම් තුළ ඇතුළත් ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ද ඇමෙරිකානු ඩොලර් මිලියන 6031 දක්වා සියයට 0.7කින් ඉකුත් පෙබරවාරි මස අග වනවිට වර්ධනය වී ඇත.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *