ඉන්දියානුවෝ 15ක් ලංකාවෙන් පිටුවහල් කෙරෙයි.!

සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඉන්දීය ජාතිකයන් පහළොස්දෙනකු රටේ ආගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පිටුවහල් කර ඇත.

මෙම පුද්ගලයන් යාපනය ප්‍රදේශයේ කැටයම්කරුවන් ලෙස සේවය කිරීම සහ ආගමික කණ්ඩායමක ප්‍රචාරක ව්‍යාපාරයකට සහභාගී වීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම්වල නියැලී සිට තිබේ.

මෙම කණ්ඩායම කටුනායක ගුවන්තොටුපළේ නිකුත් කරන ලද නොමිලේ සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබිණි.

රෝග සුව කිරීමේ අරමුණින් යාපනයේ ආගමික සේවාවක් පැවැත්වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එය දේශීය හින්දු සංවිධානවල විරෝධතාවලටද හේතුවිය.

මෙම ආගමික පූජකවරුන් දෙදෙනා මාර්තු 8 වැනි දින අලුයම ඉන්දියාවේ චෙන්නායි වෙත පිටුවහල් කර ඇත.

ඊට අමතරව, යාපනයේ කැටයම්කරුවන් ලෙස සේවය කළ ඉන්දියානු ජාතිකයින් අටදෙනකු සහ අවන්හල්වල සේවය කළ තවත් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන පලාලි ගුවන්තොටුපළ හරහා පිටුවහල් කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *