ආනන්ද පාලිතගේ කෙරුවාව එළියට.!

සමගි ජන බලවේග වෘත්තීය සමිති නායක ආනන්ද පාලිතට පසුගිය යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි සිට අනීතික ලෙස රුපියල් ලක්ෂ 31කට අධික අතිකාල දීමනා ගෙවා ඇතැයි නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

තෙල් පිරවුම්කරුවෙකු වූ ඔහු 2015 වසරේ ඛනිජ තෙල් සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

යම් සේවකයකු පූර්ණකාලීනව වෘත්තීය සමිති කටයුතු සඳහා මුදා හරිනවා නම් එම වෘත්තීය සමිතියේ සාමාජිකයන් 1000ක් සිටිය යුතු වුවද 2015 වන විට ආනන්ද පාලිත කටයුතු කළ වෘත්තීය සමිතියේ සිට ඇත්තේ සාමාජිකයන් 650ක් බව ද අනුර කරුණාතිලක මහතා වැඩි දුරටත් අනාවරණය කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවති අය වැය කාරක සභා විවාදයට එක් වෙමිනි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *