ජොන්ස්ටන්ට එරෙහි නඩුව යළි විභාගයට.!

හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ස.තො.ස ආයතනයේ සේවකයන් නිල රාජකාරි වලින් ඉවත් කර දේශපාලන කටයුතු වලට යෙදවා රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහි නඩුව (04) දින කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

පසුගිය 2010 වසරේදි ස.තො.ස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවා රජයට පාඩු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකීර් සහ ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

කොළඹ මහාධිකරණය හමුවේ එම නඩුව යළි විභාගයට ගත් අතර එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර නඩු විභාගය මාර්තු මස (24) වැනිදා දක්වා කල් තැබීමටද අධිකරණය නියම කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *