පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමෙන් පසු සිය මූලික වැඩකටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට කැඳවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
මෙම සාකච්ඡාව එළැඹෙන සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට (06) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව සඳහන් වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙය වෙයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න