හදිසියේ පාර්ලිමේන්තු ආ ජනපතිගෙන් සැර කතාවක්.. විපක්ෂයේ දතකට පූට්ටු වෙයි.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද (28) පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා මේ වනවිට සභාව අමතමින් සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එයින් සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට රට ගමන් කරමින් ඇති බවත්ය.

“ඩොලරයේ අගය තිබුනාටත් වඩා අඩුවෙමින් තිබෙනවා. තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථිකයේ ඇතිවන අර්බුදයක් හරහා බලය ඩැහැගන්න පුළුවන් කියලා, ඒක අවසන් දැන්. මතක තියා ගන්න. අපේ රටේ ආණ්ඩු පෙරළුන ඉතිහාසයක් බැලුවොත් විවිධ අවස්ථා අපි හඳුනා ගන්නවා. එකක්, ආර්ථික අර්බුදය විසින් ආණ්ඩුව පෙරලනු ලැබුවා. ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ මතක තබාගන්න. මේ ආණ්ඩුව වට්ටනවා කියා සිහින දකිනවා නම්, එවා සිහිනම විතරයි.

ඊලගට අපේ රටේ ආණ්ඩු වැටිච්ච ඉතිහාසයක් තියෙනවා, පක්ෂ ඇතුලේ අර්බුද නිර්මාණය කරලා. 2001දී චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව බිද වැටෙන්න හේතු වුණේ, ඒ ආණ්ඩුවේ හිටපු පිරිසක් එහාපැත්තට ගිහින් වාඩිවෙලා ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවුරතා හේතුකොට ගෙන ආණ්ඩුව වැටිච්ච අවස්ථා තියනවා.

මා දන්නවා සමහර අය උත්සාහ කරනවා, මා ඔසවා තබා පාර්ලිමේන්තුවේ අනිත් අය, පහත් ඒ උගුලට අපි අහුවෙන්නේ නෑ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හොදේ. එයානම් හොදයි, අනිත් අය නරකයි. නෑ. ඒ උගුල් හොදේ. ඒ උගුල් වලට අපි අහුවෙන්නේ නෑ.

ඊලගට ඕගොල්ලෝ කල්පනා කරනවා, ජාතික ආරක්ෂාවේ මහා බරපතල තර්ජනයන් ඇතිවෙලා මේ ආණ්ඩුව බිද වැටෙයි. වෙන්නෑ.. වෙන්නෑ මතක තියාගන්න. ඒනිසා ඔබතුමාලා අලුත් තුරුම්පු කොල ටිකක් හොයන්න. නිකන් ඔහේ කවුරුහරි ගෙනත් දෙන කොලයක් කියවමින්, නිකන් ඔය පුරුදු ආණ්ඩුව ඇතුලේ අර්බුද, ආර්ථිකය හෙට වැටෙයි, ජාතික ආරක්ෂාවට තර්ජනයක්, ආරක්ෂාව කරගන්න බැරිව ජනතාව පාරට බහී. ඒවා මොකුත් වෙන්නෑ..

ඊලගට තව ආණ්ඩු වැටිච්ච අවස්ථා තියනවා, ජනතාව පාරට බැහැලා, උද්ඝෝෂණය කරලා, පාලකයෝ පලවා හැරියා මෑත ඉතිහාසයේ. ඔබලා මාධ්‍ය සාකච්ජා හරහා ආණ්ඩුවට යමක් කියනවා හැරුණුකොට මේ පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ ආණ්ඩුවට යමක් කියනවා හැරුණුකොට මා හිතන්නෑ සෙනග එකතුකර යමක් කියන්න පුළුවන් වෙයි කියලා. එනිසා මහජනයාගේ නැගිටීමක්, මහජනයාගේ විරෝධයක් හරහා ආණ්ඩුව පලවාහැරීම පිළිබදව කල්පනා කරනවා නම් ඒකත් අසාර්ථකයි.. මේ සියල්ල අසාර්ථකයි.

ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් ගෙන ආ හැකි එක් ශේෂ්ත්‍රයක් තමයි, ජාතිවාදය සහ අන්තවාදය. අපි යළි අපේ රටේ ජාතිවාදය, අන්තවාදය කිසිසේත්ම හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ. නමුත් අනතුරක් තිබෙනවා නම් අපේ ආරක්ෂාව පිළිබදව තර්ජනයක් ගෙනදිය හැකි, සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී අන්තවාදී ප්‍රවනතාවයන්, ඒ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වන්නේ නැත්නම්, ඒ සදහා නව නීති අවශ්‍යයි.

එනිසා අපි ඒ සදහා අවශ්‍ය වන නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අපි අහෝසි කරන්න සූදානම්. ඒ සදහා අපි කමිටුවක් පත් කරලා තිබෙනවා. අධ්‍යනය කරමින් තිබෙනවා. මේක මම හිතන්නේ දශක ගණනාවක් මේ රටේ ජනතාවගේ උවමනාවක් බවට පත්වෙලා තිබුණා. ඒ උවමනාව යථාර්ථයක් බවට පත් කරන්නේ අපේ ආණ්ඩුව විතරයි.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *