ඊයේ (27) පැවැති අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පසුගිය රජයන් විසින් පත්කළ ජනාධිපති කොමිෂන් සභා 14කට රුපියල් කෝටි 53කට අධික මුදලක් වැයකර ඇති බවය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍යවරයා හා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලවකවානුවේ ජනාධිපති විමර්ශන කොමිෂම් වෙනුවෙන් රජයේ මුදල් වියදම්කළ ආකාරය පිළිබඳවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.
2016 වසරේ සිට ජනාධිපති විමර්ශන කොමිෂන් 14ක් ලබාදී ඇති බවත්, ඉන් රාජ්‍ය දේපොළ අවභාවිතාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙනුවෙන් රුපියල් ලක්ෂ 662.34ක් වියදම් කර ඇති බව පැවසීය.
එමෙන්ම පාස්කු විමර්ශන වාර්තාවට රුපියල් ලක්ෂ 1,063ක්ද, දූෂණ විරෝධී කාර්යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා රුපියල් ලක්ෂ 350ක්ද, 2015 සිට 2019 දක්වා වසරවල දේශපාලන පළිගැනීම් වාර්තා සඳහා රුපියල් ලක්ෂ 842ක්ද වියදම්කර ඇති බව පෙන්වා දුන්නේය.
ඒ අනුව සමස්තයක් ලෙස ජනාධිපති කොමිෂන් සභා 14ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5,301ක් වැයකර ඇති බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය.
කෙසේ නමුත් මෙම කොමිෂන් වාර්තා අතරින් වේගවත්ව ක්‍රියාත්මක වූයේ 13 වැනි කොමිසම වූ අරගල සමයේ විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීම සඳහා 2022 පිහිටවපු කොමිසම පමණක් බවද මෙහිදී පැවසීය.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් රැකබලා ගැනීමට පමණක් රුපියල් කෝටි 11කට වැඩි මුදලක් වැයකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ගේ කාලයේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් 6දෙනාට රුපියල් කෝටි 37කට අධික මුදලක් වැයකර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සඳහන් කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න