කෝටි ගණන් වන්දිගත් අලුත්ම ලැයිස්තුව එළියට.. ඥානක්කා පෙරමුණේ.!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසුවේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, සභාපතිවරුන්ට, නගරාධිපතිවරුන්ට, හිතවතුන්ට, ආධාර කරුවන්ට, ආරක්ෂකයින්ට සහ වෙනත් අයට වන්දි ලෙස රුපියල් මිලියන 1125ක් ලබාදි ඇති බවයි.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වන්දි ලබාගත් ලැයිස්තුවේ තවත් නම් කිහිපයක් ඉදිරිපත් අද හෙළි කළේය.

කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා රුපියල් ලක්ෂ 696ක් වන්දි ලෙස ලබාගෙන ඇති බවත්, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රුපියල් 73 ලක්ෂ 44,000ක් වන්දි ලෙස ලබාගෙන ඇති බවත් ඔහු මෙහිදී පැවසීය.

නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුගේ පුතා වන රමේෂ් චානක ප්‍රනාන්දුට රුපියල් 18 ලක්ෂ 88,300ක් වන්දි ලෙස ලබාගෙන ඇති අතර, නොම්බර 246, ඉසුරු පුර, නිදහස් මාවත, අනුරාධපුර දේවාලයේ W.M ඥානවතී (ඥානක්කා) රුපියල් ලක්ෂ 280ක් වන්දි ලෙස ලබාගෙන ඇති බවත් ඔහු මෙහිදී හෙළිකළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *