විදේශගතව සිටිමින් ශ‍්‍රී ලංකාව තුළ විවිධ සංවිධානාත්මක අපරාද මෙහෙයවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ නම් පුද්ගලයා ඇතුලූ පිරිස පසුගිය දා ඉන්දුනීසියාවේදී ශ‍්‍රී ලංකා පොලීසියේත් ඉන්දුනීසියානු පොලීසියේත් ඒකාබද්ද මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
එකී අත්අඩංගුවට පත්වූ පිරිස 2025-08-30 දින පස්වරුවේදී ශ‍්‍රී ලංකාවට රැගෙන එන ලදී. එම අවස්ථාවට ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.
එකී මෙහෙයුමට සම්බන්ද වූ ශ‍්‍රී ලංකා පොලීසියේ නිළධාරීන් සදහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා දීම ෙදහාත් මෙම මෙහෙයුමට සමබන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිළධාරීන්ට ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තූතිය ඵල කිරීම දහාත් කෙටි උත්සවයක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල පරිශ‍්‍රයේදී පැවැත්වූ අතර එම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත් පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාත් සහභාගී වන ලදී.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව ව්‍යාජව සැකසූ ඡායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍යයේ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
නිවේදනය පහළින්..




ප්‍රතිචාරයක් ලබාදෙන්න