විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ නියමයන් හා කොන්දේසි ගැසට් කෙරේ.!

ශ්‍රී ලංකා විදුලි බල සං‍ශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා හිමිකම් ලබන විදුලි බල මණ්ඩල සේවකයින්ට අදාළ නියමයන් හා කොන්දේසි මෙලෙස ගැසට් කර ඇති බව සඳහන් ය.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට අදාළව මෙම නියෝග ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථිර කාර්යය මණ්ඩලය යටතේ සේවය කරන සේවකයෙකුට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයට අනුව ගෙවනු ලබන වන්දි මුදල් මෙම ගැසට් නිවේදනය මඟින් තවදුරටත් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් ය.

වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන අවස්ථාවකදී ඔහු සේවයේ යෙදුනු සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කිරීමට ඉතිරිව ඇති කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප වන්දි වශයෙන් හිමිවන බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.

විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ නියමයන් හා කොන්දේසි ගැසට් කෙරේ by poornima

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *