නිමල් ලාන්සා අත්අඩංගුවට.!

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා අත්අඩංගුවට ගෙන තිබේ.

2025.08.29 දින පැය 0835 පමණ, කොච්චික⁣ඩේ පොලිස් ස්ථානය මගින්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නිමල් ලංසා මහතා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන අංක 58, මීගමුව පාර, කොච්චික⁣ඩේ ලිපිනයේ පදිංචි, බන්දුල නාඔටුන්න යන අයවලුන් මීගමුව ම.උ නඩු අංක බී 1024/ 2006 දරණ නඩුවේ සැකකරුවන් වශයෙන් නම් කර අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැනුම් ලද නියෝගයකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2006.03.09 දින මීගමුව මහ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නගරාධිපති වරයෙකු වන අංක 35, ජෝශප් මයිකල් පෙරේරා මාවත, දකුණු පල්ලන්සේන, කොච්චිකඩේ ලිපිනයේ පදංචි රුද්‍රිගු සුනිල් විල්ප්‍රඩ් සිල්වා යන අයගේ නිවසට සහ වාහන වලට පහරදී රුපියල් ලක්ෂ 28 ක් වටිනා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන්, කොච්චික⁣ඩේ පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව බී 1024/ 2006 දරණ නඩුව 2025.08.28 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදි එහි සැකකරුවන් ලෙස නම් කර සිටින ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොච්චික⁣ඩේ පොලිස් ස්ථානයනය වෙත නියෝග කර ඇත.

සැකකරුවන් දෙදෙනා 2025.08.29 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

  • ගමිපහ පියපේම මානික්කරත්න
Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *