ඉන්දුනීසියාවේදී ඇල්ලූ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් මෙන්න.!

මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් සිටින බව පොලීසිය පවසයි.

ඊට අමතරව, බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දරුවෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *