අධිකරණය ඉදිරියේ පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් ගැසූ මන්ත‍්‍රී අත්අඩංගුවට.!

26 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල පැවති විරෝධතාවයක් අතරතුරදී එහි රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාල සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර නගරයේදී 2025.08.27 වන දින අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 52 ක් වන නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වේ.

සැකකරු 2025.08.28 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කොම්පඤ්ඤවීදීය පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *