Zoom තාක්ෂණය ඔස්සේ රනිල් නඩුවට එක්වෙයි.!

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්ව තිබේ.

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා ඇත..

ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව Zoom තාක්ෂණය ඔස්සේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *