අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස්ට විශේෂ ආරක්ෂාවක්.!

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා වෙත විශේෂ ආරක්ෂාවක් යොදා තිබේ.

පවතින වත්මන් තත්ත්වය සහ පවතින අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා පසුගිය කාලසීමාව තුළ ආන්දෝලනාත්මක නඩු කිහිපයකදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කටයුතු කලේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතු වූ නඩුව ඇතුළු වැදගත් නඩු කටයුතුවලදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ද දිලිප පීරිස් මහතාය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *