රනිල් බේරගන්න තියපු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීම තහනම් කරයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් විපක්ෂ පක්ෂ ඊයේ(24) කොළඹදී ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවක් පැවැත්වීය.

‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු’ යන තේමාව යටතේ එය සංවිධාන කර තිබිණි.

මෙම ජනමාධ්‍ය හමුවේ විශේෂත්වය වූයේ, ඊට සහභාගී වූ ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබානොදීමය.

කෙසේවෙතත් මෙම ජනමාධ්‍ය හමුවේ අවධාරණය කෙරුණේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිලිබඳවය.

රජය දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා නීතිය භාවිතා කරන බවට එහිදී ඔවුහු චෝදනා කළහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *