සංදර්ශන පසෙක තබා 77 වැනි නිදහස් උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරීමට තීරණයක්.!

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව උළෙලට සහභාගිවන ආරාධිත අමුත්තන් සංඛ්‍යාව 3000 සිට 1600 දක්වා අඩු කරන බවය.

මෙවර උළෙලේදී ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම ද අවලංගු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, ත්‍රිවිධ හමුදා හා පොලිස් ආචාර පෙළපාලියට සහභාගි වන භට සංඛ්‍යාව ද අඩු කර ඇති බවයි.

හමුදා පෙළපාලියේදී සන්නද්ධ රථ ප්‍රදර්ශනය කිරීම ද මෙවර නිදහස් සමරු උළෙලේදී සිදු කෙරෙන්නේ නැත.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ගුවන් සංදර්ශන ද සීමා කර ඇති බවයි.

මෙවර නිදහස් සමරු උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 04 වැනි දා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *