වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ.
මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇත.
තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත්කළ නිවේදනයට අනුව එරට වේලාවන් ඊයේ (10) රාත්‍රී 7:53ට මෙය සිදුව තිබේ.
සිදු වූ හානිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවන අතර, දැනට එක් අයෙකු මියගොස් ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යර්ලිකායා තහවුරු කර ඇත.
එමෙන්ම තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි 16ක් පමණ කඩාවැටී තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න