ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.!

ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසිනි.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු දින ගණන සම්පූර්ණ නොවීම හේතුවෙන් අද (07) දිනයේදි මෙය ඉදිරිපත් කළ නොහැකි බවට විපක්ෂ මන්ත්‍රීන් වන දයාසිරි ජයසේකර සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් විරෝධතා ඉදිරිපත් කළේය.

ඔවුන් පැවසූවේ මෙම පනත් කෙටුම්පතට එකඟ නමුත් අනීතිකව ඉදිරිපත්කිරීමට එකඟ නොවන බවයි.

එහිදී යම විවාදාත්මක තත්ත්වයක් හටගත් නමුත් එය ව්‍යවස්ථානුකූල බවත් නියමිත දින ගනන සම්පූර්ණ කර ඇති බවත් ආන්ඩු පක්ෂය විසින් සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *