පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය රුපියල් 250,000 දක්වා අඩු කරයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමුහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023-05-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, පසුගිය කාලසීමාව තුළ අදාළ රක්ෂණාවරණයන් සලසා දී තිබිණි.

ජනාධිපතිතුමා විසින් 2025 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වූ රුපියල් 1,000,000/- ක රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000/- දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, 2025-10-09 දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000/- ක් දක්වා සීමා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමූහ රක්ෂණාවරණයක් සලසා දීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *