සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා පුරප්පාඩු 3,519ක් ඇතුළු රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7,456ක් පිරවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඒ, රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙනි.
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් හඳුනාගෙන ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා 2024-12-30 දින පැවති රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි.
ඒ අනුව එක් එක් අමාත්‍යාංශය සහ ආයතනවලට පුරප්පාඩු සඳහා පහත පරිදි බඳවාගැනීම් සිදුකිරීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න