මෙරට පිහිටි සංස්කෘතික උරුමයන් නැරඹීමට පැමිණෙන වයස අවුරුදු 18ට අඩු මෙරට දරුවන් සඳහා ප්‍රවේශපත්‍ර රහිතව නොමිලේ එම ස්ථාන වෙත පිවිසීමටත්, වයස අවුරුදු 18ට අඩු විදේශීය ළමුන් සඳහා සීමිත කොන්දේසි යටතේ එම ස්ථාන සඳහා ඇතුළුවීමේ අවසර පත්‍ර නිකුත් කිරීමටත් රජය අනුමැතිය ලබා දී ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුව, මෙම ක්‍රියාවලිය 2025 ජූලි 01 සිට ක්‍රියාත්මක වේ.
මෙම තීරණයේ මූලික අරමුණ වන්නේ දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇතිකිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමයි.
සාධාරණ සහ සුදුසු ක්‍රියාපටිපාටි යටතේ විදේශීය දරුවන්ට ද ප්‍රවේශය ලබාදෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
ජාතික උරුමයන් නැරඹීමේදී දරුවන්ට සුදුසු අවස්ථාවන් සහ වටිනා අධ්‍යාපනික අත්දැකීම් ලබාදීම මේ ඔස්සේ අපේක්ෂා කෙරේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න