පරණ සෙල්ලම් දැන් බැහැ… කොන්දොස්තරලාට තහනමක්.!

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සදහන් කරන්නේ මින් ඉදිරියට බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව යි.

මේ වනවිට බස් රථ ධාවනයේදී පවතින තරගකාරීත්වය හේතුවෙන් කොන්දොස්තරවරුන් පවතින අවදානම නොසලකා පාපුවරුවේ ගමන් කරමින් මාර්ගයේ සිටින මගීන් එක්රැස් කර ගැනීම කරන බවත් එනිසා එහි පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එලෙස ගමන් ගන්නා කොන්දොස්තරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සදහන් කරයි.

ඇතැම් දුර ගමන් බස් රථවල මෙලෙස කොන්දොස්තරවරුන් දෙදෙනකු ගමන් කරන බවත් පාපුවරුව ඇත්තේ බස් රථයට ඇතුළුවීමට සහ පිටවීමට බැවින් ධාවනය වෙමින් පවතින අවස්ථා වලදී අනාරක්ෂිත ලෙස පාපුවරුවේ ගමන් කිරීමට කිසිවකුටත් අවස්ථාව නොමැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

රියැදුරු බලපත්‍රය හා රිය සහායකවරයාට ලබාදෙනු ලබන කොන්දොස්තර බලපත්‍රය මින් ඉදිරියට තිබීම අනිවාර්ය බවත් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ වැඩිදුරටත් සදහන් කරයි.

Spread the news

Comments

“පරණ සෙල්ලම් දැන් බැහැ… කොන්දොස්තරලාට තහනමක්.!”ට ප්‍රතිචාර 2ක්

  1. Christeen Oellrich Avatar
    Christeen Oellrich

    This is absolute great. I have been in USA for the last 35 years. Trying to come back to retire. If the roads get cleaned up and if I can drive here without fear, I will retire and invest in Sri Lanka.

  2. Christeen Oellrich Avatar
    Christeen Oellrich

    This is absolute great. I have been in USA for the last 35 years. Trying to come back to retire. If the roads get cleaned up and if I can drive here without fear, I will retire and invest in Sri Lanka.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *