ජනවාරියේදී රටින් ඩොලර් මිලියන 573ක් ඇවිත්.!

විදේශ ප්‍රේෂණ ලැබීම් වාර්තාගත ලෙස ඉහළ යමින් මේ වසරේ ජනවාරි මාසයේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසඳීමේදී සියයට 17.5ක කැපීපෙනෙන වර්ධනයක් බව මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

මේ අතර පසුගිය 2024 සමස්ත වර්ෂයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබෙන අතර එය 2023 වසරේ ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.96ට සාපේක්ෂව සියයට 10.1ක ඉහළ යාමකි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *