ජනපතිගේ බදු සහන සමගින් කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 1.2ක ආයෝජන එයි.!

කොළඹ වරාය නගරය සදහා දැවැන්ත ආයෝජන හතරක් ඒමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, එකී ආයෝජන රැගෙන එන සමාගම් සදහා අවශ්‍ය බදු සහන ලබා දීමට රජය මේ වන විටත් පියවර ගෙන තිබේ.

මෙම ආයෝජන හතර අතරෙන් දැවැන්තම ආයෝජන යව්නේ ක්ලෝත්ස්පින් සමාගම විසින් සිදු කිරීමට නියමිත ඩොලර් මිලියන 540 ක ආයෝජනයයි.

ලන්ඩනයේ බිග් බෙන් ඔරලෝසුව පරදන ආකාරයේ දැවැන්ත ඔරලෝසු කුළුනක්ද සමඟ ද්විත්ව කුළුණු සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වරාය නගරය තුළ ඉදි කිරීමට ක්ලෝත්ස්පින් සමාගම අපේක්ෂා කරයි.

සමාගම, දැවැන්ත ඔරලෝසු කුළුණ, එය, ගිනස් ලෝක වාර්තා පොතට එක් කිරීමේ අදහසින් නිර්මාණය කිරීමට නියමිත බව පැවසේ. ඊට අමතරව, තරු හතේ හෝටලයක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට අයත් ය. ද්විත්ව කුළුණු ගොඩනැගිල්ලේ එක් කුළුණක් කලාගාරයක් බවට පත් කිරීමට ක්ලෝත්ස්පින් සමාගම අපේක්ෂා කරන බවද පැවසේ.

ක්ලෝත්ස්පින් සමාගමට අමතරව තවත් සමාගම් තුනක් වරාය නගරය තුළ ආයෝජනය කිරීම සදහා බදු සහන ලබා තිබේ.

ඉන් එක් සමාගමක් වන ICC Port City (Pvt) Ltd සමාගම, මහල් නිවාස සංකීර්ණයක් සහ සුඛෝපභෝගී තනි නිවාස ඒකක පහක් ඉදිකිරීමට අපේක්ෂා කරයි.

චයිනා හාබර් ඉන්ජිනීයරින් සමාගමට අනුයුක්ත IFC Colombo 1 (Pvt) Ltd නමැති සමාගම, නිවාස සංකීර්ණයක් සහ වෙළද සංකීර්ණයක් ඉදිරි කිරීමට අපේක්ෂිත අතර, ඔවුන් ගෙන එන ආයෝජනය ඩොලර් මිලියන 143 කි.

එල්.ඕ.එල්.සී සහ බ්‍රවුන්ස් යන සමාගම් හා සම්බන්ධ සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් නමැති සමාගම ඩොලර් මිලියන 411 ක ආයෝජනයක් වරාන නගරයට ගෙන ඒමට නියමිත ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *