වගා වන්දි මිලියන 184ක් ගෙවයි.!

2024/2025 මහ කන්නයේදී පසුගිය නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හානියට පත්වූ වගා සඳහා රුපියල් මිලියන 184ක් වන්දි ගෙවා ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා කීය.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 6239 දෙනකු සඳහා මිලියන 114ක් ද, වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය ගොවීන් 3272 දෙනකු සඳහා රුපියල් මිලියන 70ක් ද මේ වනවිට ගෙවා අවසන් කර ඇති බව ද ඔහු පැවසීය.

ඊට අමතරව මෙම මස (පෙබරවාරි) අවසන්වීමට පෙර සෙසු දිස්ත්‍රික්ක සඳහා ද වගා වන්දි ගෙවා අවසන් කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *