අපවත් වී වදාළ අති පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව.!

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.

ඒ එදින පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී ය.

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වී තිබුණි.

පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය උන්වහන්සේ අපවත් වූ බව දැනුම් දුන් අතර අපවත් වනවිට උන්වහන්සේ 67වන වියේ පසුවුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *