නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ ගේ පුත් රසික විතාන එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඔහු අද (20) මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් රසික විතාන ඊයේ (19) මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න